Local news

ගල්අඟුරු වංචාව.. කංචනගෙන් ප්‍රශ්න කරයි

ගල්අඟුරු වංචාව.. කංචනගෙන් ප්‍රශ්න කරයි

හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ අනුව ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට පසුගියදා කංචන විජේසේකර කැඳවා පැය කිහිපයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ කොමිෂන් සභාව එකසිය පනහකට ආසන්න පිරිසකගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වියදම් මත්තලින් ආදායම් හොයන්න දැවැන්තයෝ සූදානම්

වියදම් මත්තලින් ආදායම් හොයන්න දැවැන්තයෝ සූදානම්

දිනෙන් දින පාඩු ලබන සහ රටට බරක් වූ මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් කිහිපදෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දෙස් විදෙස් ආයෝජකයන්ගේ මිල ගණන් ඇතුළු සියලුම විස්තර ඇතුළත් ආයෝජන යෝජනා කැඳවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද වාර්තා වේ.

මේ වනවිට මත්තල ගුවන්තොටුපොළ දිනකට රුපියල් ලක්ෂ 60ත් 70ත් අතර මුදලක් පාඩු ලබයි.

පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළ ආදායම් උපයන තත්ත්වයට පත්කිරීම රජයේ අපේක්ෂාව බැවින් එම ආයෝජකයන්ගේ හොඳම ආයෝජන යෝජනා සඳහා අවස්ථාව ලබාදීමට නියමිතය.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (17) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.52ක් ලෙස ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 82.40ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.42ක් ලෙස සටහන්ව ඇත.

කංජිපානිගේ අවසන් දින කිහිපය.. කුදලාගෙන එන්න සූදානම්

කංජිපානිගේ අවසන් දින කිහිපය.. කුදලාගෙන එන්න සූදානම්

මෙරටින් පලාගොස් විදෙස් රටක සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන් ඉතාම නුදුරේදී මෙරටට ගෙන එන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

රතු ⁣වරනේතු සහිත අපරාධකරුවන් 58 දෙනෙකු මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර සඳහන් කළේ,

“මෙරටට ගෙනාවා මහ දරුණු පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස් දෙනෙක්ගෙන් එක් කෙනෙක්. කංජිපානිගේ තුන් දෙනෙක් දවස් හතරකට කලින් ගෙනාවා. ඔහුවත් ලඟදීම, හෙට අනිද්දා අරන් එනවා. රතු නිවේදන නිකුත් කරපු දරුණු අපරාධකරුවෝ ඔක්කොම 58 දෙනෙක්. ඒ අපරාධකාරයෝ මේ රටේ වැජඹුණා.”

හම්බන්තොට පැවති රැස්වීමකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව සඳහන් කරයි.

වාහන මිල ඉහළ යයි

වාහන මිල ඉහළ යයි

ආනයන බදු අධිභාරය දීර්ඝ කිරීමේ තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ සඳහන් කරයි.

මෙම බදු දීර්ඝ කිරීම හේතුවෙන් ප්‍රදර්ශනාගාර වල පවතින වාහන වල මිල ගණන් පහත පරිදි ඉහළ යා හැකි බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ සඳහන් කරයි.

(Toyota Raize) – රුපියල් මිලියන 1 කින් පමණ,

(Honda Vezel) – රුපියල් මිලියන 1.5 සිට 2 දක්වා,

(Double Cab) – රුපියල් මිලියන 2 සිට 2.5 දක්වා,

(Land Cruiser) – රුපියල් මිලියන 5 කින්,

(Suzuki Wagon R) – රුපියල් 500,000 කින් පමණ,

(Toyota Prado) – රුපියල් මිලියන 3 කින් පමණ,

මිල ගණන් වෙනස් කරනවා වෙනුවට ස්ථාවර බදු ප්‍රතිපත්තියක්, ණයවර ලිපි පාලනයක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේද හරහා අධික ලෙස මිල ඉහළ යාමකින් තොරව ආනයනය සීමා කර වෙළඳපොළ ස්ථාවර කිරීමට රජයට පියවර ගත හැකි බවද ඔහු සඳහන් කරයි.

රජය විසින් අගෝස්තු (15) වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ 50%ක ආනයන බදු අධිභාරය ලබන දෙසැම්බර් (31) දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් 8ක් සමග අතුරුදන්

ඩෙල්ෆ් ගිය බෝට්ටුවක් 8ක් සමග අතුරුදන්

අද (16) සවස කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කළ බෝට්ටුවක් පුද්ගලයින් 8 දෙනෙකු සමඟ අතුරුදන්ව ඇත.

එම බෝට්ටුවේ ගමන්ගත් අට දෙනාගෙන් දෙදෙනෙකු ඔපරේටර්වරු වන බව සඳහන් වේ.

අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

අනේ මට මෙහෙම කරන්න එපා.. ගැමුණු දුක කියන්න CIDයට යයි

අනේ මට මෙහෙම කරන්න එපා.. ගැමුණු දුක කියන්න CIDයට යයි

තමාට සිදුකරන අපහාස සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

මෙට්‍රෝ බස් රථ සම්බන්ධව තමන් කළ ප්‍රකාශකයක් මත සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධව ගැමුණු විජේරත්න මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,

“මෙට්‍රෝ බස් කියන්නේ පහුගිය කාලේ පුරාම අලුතින් ආපු කතන්තරයක් නෙමෙයි. මේක මම 2023 ආර්ථික අර්බුදයෙන් පස්සේ පටන් ගන්න යෝජනාවලියක් ඉදිරිපත් කළා ප්‍රවාහන අමාත්‍යාංශයට. මා සතුව ඒ ලිඛිත ලියවිල්ල තියෙනවා.

ඒ සම්බන්ධව අපි චීනයේ එක්සීම් බැංකුවේ ණය අරගෙන තමයි කරන්න ආවේ. මහජන මුදල්වලින්, මහජනතාවගේ බදු මුදල්වලින් නෙමෙයි අපි කරන්න හැදුවේ. මම හැමදාම හැම ආණ්ඩුවකින්ම බැට කාපු පුද්ගලයෙක්.

මේ බස්ම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ලේලන්ඩ් ආයතනයෙන් ගෙනාවා. ලේලන්ඩ් ආයතනය රජය සතු කොටස් තියෙන ආයතනයක්. එතකොට රජයේ කොටස් තියෙන මේ ආයතනය මීට අවුරුදු 10කට පහත තට්ටුව තියෙන මෙවැනිම බස් 60ක් ගෙනාවා.

ඒ ගෙනාපු බස් දැන් ලේලන්ඩ් ආයතනය ශ්‍රීලංකන් එකට ධාවනය කරනවා. කරුණාකරලා පනාගොඩ ලේලන්ඩ් ආයතනයට ගිහිල්ලා බලන්න තවත් මෙවැනිම බස් 20ක් තියෙනවා.

මේක අරුමයක් නෙමෙයි මේක කරන්න බෑ. ඩීසල් වැඩ කරන්නේ කිලෝමීටරයකට 1.5ක් නැත්නම් 2ක්. මෙවැනිම ව්‍යාපෘතියක් පටන් ගත්තා ගෝඨාභය මහත්මයාගේ කාලේ. ඒක අසාර්ථක වුණා ඒකට විශාල පාඩුවක් සිද්ධ වුණා”

රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක්

රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත.

ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සඳහන් කරයි.

පසුගිය 2023 වසරේ සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම විගණනය සිදු කිරීමට නියමිතය.

නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබාදීම, කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය හරහා ලබාදුන් රුපියල් 5,000ක දීමනාව සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇත.

තවද සමෘද්ධිලාභීන්ට රජය මගින් ලබාදෙන සහනාධාර සහ වැඩිහිටිදීමනා නිසි ලෙස ප්‍රතිලාභීන්ට ගෙවීම සම්බන්ධයෙන් විගණනය සිදු කිරීමට නියමිතය.

අනතුරට ලක්වූ නාවික යාත්‍රාව සොයා මෙහෙයුම්

අනතුරට ලක්වූ නාවික යාත්‍රාව සොයා මෙහෙයුම්

ඊයේ (15) දින අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග මුර යාත්‍රාව සම්බන්ධයෙන් වන සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

මෙම අනතුරින් මුදාගත් නාවික හමුදා පිරිස් 11 දෙනා මේ වන විටත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

අනතුරට ලක්වූ නාවික යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම් අද (16) සිදු කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

කෙසේ වෙතත්, පවතින දැඩි මුහුදු රළු ස්වභාවය හේතුවෙන් එම මෙහෙයුම් සඳහා විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිසා මැදපෙරදිග යළිත් උණුසුම්

ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිසා මැදපෙරදිග යළිත් උණුසුම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඉරානය අවධාරණය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය තම රටට අයත් සම්පතක් බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් අමෙරිකානු භූමියක් ලෙස  ප්‍රකාශයට පත් කරන බවත් ගැටුම් අවසන් වීමෙන් පසුව එහි හිමිකම අමෙරිකාවට ලබාගන්නා බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.