Local news

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මෙම මාසයේ ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනයක් නොකරන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,988කි.

නාමල් ඇතුලේ.. මට දුකයි

නාමල් ඇතුලේ.. මට දුකයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේ අනුරාධපුර පැවැත්වෙන ජන රැළිය නිසාම කියා හරියටම කිව නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මීට පෙරත් බන්ධනාගාරගත කර සිටි බවත් එය අලුත් දෙයක් නොවන බවත් ඉදිරියේදී ඇප ඉල්ලන්න බලාපොරොත්තු වන බවද මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මුණ ගැසීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ,

“ඒක කියන්න බෑ ඉතිං. ඒක හරියට කියන්න බෑ ඉතිං. ඒක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කොහොමහරි ඇතුලේ. ඇප ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඇප දීමේ වගකීම තියෙන්නේ.

මේක අලුත් දෙයක් නෙමෙයි. මීට ඉස්සල්ලාත් නාමල් හිටියා ඇතුලේ. මාත් ඉදලා තියෙනවා නේ ඇතුලේ. පොහොට්ටුවේ කිසිම පසුබෑමක් නෑ. ඉදිරියට යන එකක්.“

නාමල් වෙනුවෙන් මහින්ද සහ ලිමිණි වේදිකාවට.?

නාමල් වෙනුවෙන් මහින්ද සහ ලිමිණි වේදිකාවට.?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් ලබන (12) වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (18) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ පහළ විශේෂ කුටියක සිට රැස්වීමට එක්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට පැමිණ පළමු වතාවට ජනතාව ඇමතීමට නියමිත බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ ගමින් ගමට ගොස් ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළ නිසා ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වෙන රැළියට ජන සුනාමියක් පැමිණෙන බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

එනිසා එකා පිට එකා බන්ධනාගාරගත කළත් අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත ජන රැළිය නවත්වන්නට නොහැකි බවත් එය කිසිම අවස්තාවක නවත්වන්නේ නැති බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාර

ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාර

ඉරාන ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර නැවේ සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අමෙරිකානු මධ්‍යම බලකායද අදහස් දැක්වීමෙන් වැළකී සිටී.

ලෝකයටම නව ලෝක සිතියමක්

ලෝකයටම නව ලෝක සිතියමක්

ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී ඇත.

ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අප්‍රිකානු සංගමයේ පූර්ණ සහාය හිමිවූ අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 164ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එම මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට අමෙරිකාව වේ.

රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 16 වන සියවසේ සිට බහුලව භාවිත වන සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාව, ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දීර්ඝ කාලයක් තිස්සේ විවේචන එල්ල වී ඇත.

අප්‍රිකා මහද්වීපය, ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, 1569 දි නිර්මාණය කළ සිතියම් ආකෘතියේදී එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොවන බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.

ගෝලාකාර පෘථිවි පෘෂ්ඨයක් ද්විමාන (2D) සිතියමක ඇඳීමේදී මෙම විකෘතිය සිදුවන බව සිදුවන බව විචාරකයෝ සඳහන් කරයි.

පසුව Equal Earth ලෙස හඳුන්වන සිතියම් ආකෘතියක් 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කළ අතර එම සිතියම් ආකෘතිය මෙම වසරේ පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54ම පිළිගත්තේය.

එහෙත් සාධාරණ ලෝකයක් ගොඩනැගීමට නිවැරදි සිතියමක් අත්‍යවශ්‍ය බවත් සිතියම යනු හුදෙක් භූගෝලීය සටහනක් පමණක් නොව දේශපාලනික හා ආර්ථික ප්‍රතිරූපය තීරණය කරන මෙවලමක් බව අප්‍රිකානු නායකයෝ සහ භූගෝල විද්‍යාඥයෝ සඳහන් කරයි.

ප්ලේන් ටී සහ කිරි තේ මිල අඩු කරයි

ප්ලේන් ටී සහ කිරි තේ මිල අඩු කරයි

ලිට්‍රෝ ගෑස් මිල අඩුකිරීම සැලකිල්ලට ගෙන ප්ලේන් ටී සහ කිරි තේ මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

තවද අමුද්‍රව්‍ය මිල අඩුවන ආකාරය අනුව ඉදිරියේදී ආහාර මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් වෙනුවෙන් රජය සිදු කරන කැපවීම

ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් වෙනුවෙන් රජය සිදු කරන කැපවීම

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා එම ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ගැටලු පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමත්, එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් සාධනීය විසඳුම් රැසකට එළඹීමත් මෙහිදී සිදු විය.

මීට වසර 10කට පෙර ආරම්භ කර ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් අතරමග නැවතුණු පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක අයවැය ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සහ තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 40,000ක් වූ කුඹුරු ඉඩම් යල, මහ කන්නයේ අස්වද්දා වගා තීව්‍රතාව ඉහළ නැංවීම, පානීය ජල සම්පාදනය, ජලවිදුලි උත්පාදනය සහ ප්‍රදේශයේ ගංවතුර පාලනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සහ වනඅලි ගැටලු කළමනාකරණය ආදිය මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය 2029 – 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ වන අතර එය ඉදිවීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වේ.

ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, අවතැන් වන ජනතාවට පැවතියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලබා දිය හැකි පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අනුව, එම ජනතාව වෙනුවෙන් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති හඳුන්වා දීම, පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් ජාල සහ අපනයන සමාගම් සමග ඇති කර ගන්නා මිලදී ගැනීමේ ගිවිසුම් වලින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් සකස් කර දීම ඇතුළු සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

වනජීවී දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව අලි වැටක් ඉදිකිරීම සහ නඩත්තු කිරීම මෙන්ම සාර්ථක දිගුකාලීන ජීව විද්‍යාත්මක විසඳුමක් ලෙස තල් වැට වැනි ස්වභාවික වැටවල් ස්ථාපනය කිරීමට අදාළව ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සිදුකළ යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් නතර කර තිබූ, “කුඩා විලච්චිය වැව ව්‍යාපෘතිය” නැවත ආරම්භ කිරීම ඇතුළු සුළු සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය රජරට ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් බව මෙහිදී පෙන්වා දුන් තන්තිරිමලය රාජමහා විහාරාධිපති, පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කරන කැපවීම අගය කරන බවයි.

ව්‍යාපෘතිය පිළිබඳ විශ්වාසයක් තබාගත හැකි අන්දමින් අද දින තීන්දු තීරණ රැසකට එළැඹීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදි සතුටු පළ කළහ.

2029 ජනාධිපති නාමල් හිරේ දැමිමත් අපිව නවත්වන්න බෑ – නිල නොලත් ජනාධිපති

2029 ජනාධිපති නාමල් හිරේ දැමිමත් අපිව නවත්වන්න බෑ – නිල නොලත් ජනාධිපති

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) දින නියෝග කළේය.

ප්‍රශ්නගත එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරගත කළද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිලා සියලු දෙනා එළියේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ ගමින් ගමට ගොස් ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළ බවත් එනිසා ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වෙන රැළියට ජන සුනාමියක් පැමිණෙන බවද හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

එනිසා එකා පිට එකා බන්ධනාගාරගත කළත් අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත ජන රැළිය නවත්වන්නට නොහැකි බවත් එය කිසිම අවස්තාවක නවත්වන්නේ නැති බවත් තමන් අනුරාධපුර දිස්ත්‍රික්ක නායකයා බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි.. නව මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි.. නව මිල මෙන්න

අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,750කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 815කි.

හදිසියේම තෙල් මිල ඉහළ⁣ට

හදිසියේම තෙල් මිල ඉහළ⁣ට

අද (05) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.50ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.30ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.02ක් ලෙස ඉහළ ගොස් ඇත.

Follow WhatsApp Channel