මින් ඉදිරියට ළමුන් දූෂණය කළොත් වඳභාවයට පත් කර වෘෂණ කෝෂ අයින් කරයි.!

වයස අවුරුදු 17ට අඩු ළමයින් දූෂණය කරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමේ පනත් කෙටුම්පතක් පසුගියදා මැඩගස්කර් සෙනෙට් සභාව සම්මත කර ඇත.

ළමුන් දූෂණය කර වරදකරුවන් වූ සියලුම පුද්ගලයන්ට ශල්‍යකර්ම මගින් හෝ වෙනත් රසායනික ක්‍රම මගින් වඳ භාවයට පත් කිරීම සදහා අවශ්‍ය නීති නව පනත් කෙටුම්පත මගින් සෙනෙට් සභාව සම්මත කර ඇත.

මැඩගස්කරය තුළ මෑත කාලයේදී ළමා අපයෝජන සිදුවීම් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙවැනි දැඩි නීති ගෙන ඒමට හේතු වූ බව එරට බළධාරීන් සදහන් කරයි.

නව පනත් කෙටුම්පතට අනුව වයස අවුරුදු 10ට අඩු ළමුන් දූෂණය කරනු ලබන වරදකරුවන්ගේ වෘෂණ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කරනු ලබයි.

අවුරුදු 10ත් 13ත් අතර ළමුන් දූෂණය කරනු ලබන වරදකරුවන් එම ශල්‍යකර්මය මගින් හෝ රසායනික ක්‍රම හරහා වඳභාවයට පත් කරනු ලබයි.

තවද අවුරුදු 14ත් 17ත් අතර ළමුන් දුෂණය කරනු ලබන වරදකරුවන් රසායනිකව වඳභාවයට පත් කරන බවද එරට බළධාරීන් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS