ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්.!

කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ‍, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා බවත් පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මෙම ප්‍රතිඵලය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම් විදුහල්පතිවරයා විසින් ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා භාරගැනීමේ යම් වෙනසක් සිදුකර ඇති බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

එම ඉදිරිපත් කරන අභියාචනා භාරගැනීම නොවැම්බර් මස (27) වනදා සිට දෙසැම්බර් මස (04) වනදා දක්වා මාර්ගගත පද්ධතියක් ඔස්සේ සිදුකිරීමට නියමිත බවද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

අභියාචනා සලකා බලා ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 77% ඉක්මවූ පිරිසක් ලකුණු 70 සීමාව ඉක්මවා යාමට සමත්ව ඇති බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

විභාග ලකුණු 100 ඉක්මවූ පිරිස 150,017ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 45.06%ක් බවත් කඩඉම් ලකුණ ඉක්මවූ ප්‍රතිශතය සියයට 15.22%ක් බවත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 849 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් 07 දෙනෙකු ද කඩඉම් ලකුණු සීමාව ඉක්මවා යාමට සමත්ව ඇති බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS