සමාජ මාධ්‍ය පනත වැඩ අරඹයි.. යුද හමුදාපතිගෙන් අපහාසයට නඩු.!

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය අනුව ( සමාජ මාධ්‍ය පනත යටතේ) අපහාසාත්මක වීඩියෝවක් සකස්කර සමාජ මාධ්‍ය වෙත මුදාහළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07) නඩු පවරා තිබේ.

එහිදී යුධ හමුදාපතිවරයා අධිකරනයෙන් ඉල්ලීම් කර ඇත්තේ වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත්ය.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇත්තේ තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනක් , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගමයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS