ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද දින පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් ඉන්දියාවට ලකුණු 317ක දැවැන්ත ජයක් හිමිවිය.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 390 ක් ලබා ගත් අතර පිලිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 22 කදී සියල්ලන් දැවී ලකුණු 73ක් ලබාගත්තේය.
ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලකුණු 317 කින් පරාජයට පත් වූයේ මෙතෙක් ක්රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවා පරතරයකින් පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්විය.
වැඩිම ලකුණු පරතරයකින් පරාජය වී තිබුණේ ලකුණු 290කට වන අතර ඒ නවසීලන්ත ක්රිකට් කණ්ඩායම හමුවේ අයර්ලන්ත ක්රිකට් කණ්ඩායමයි.