පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් වාර්තාව අමාත්‍යවරයාට කමිටු සභාපතිවරිය විසින් පසුගියදා බාරදුන්නේය.
ඕස්ට්‍රේලියාවේ පැවැත් වු ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කළේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම පිටු 62කින් යුත් එම සම්පූර්ණ වාර්තාවේ සදහන් කර ඇත.
ඒ සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනද සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස්, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන අය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශය ලේකම් කේ. මහේෂන් එම වාර්තාවන් ලබා දුන්නේය.