ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකා වලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල 6%කින් පමණ ඉහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් හෙවත් 6.3%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 114.96ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ඩොලර් 4.23කින් හෙවත් 4.2%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 106.17ක් දක්වා වැඩි වී ඇත.


