ඔස්ට්‍රේලියාවේ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (12) දින කැදවුයේය.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණය ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කැදවීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමන බව නඩුව කැදවු අවස්ථාවේදී එම තීරණය ගෙන ඇත.
රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් 17 වැනිදා මුදාහැරියේය.