07 වැනි IMF සමාලෝචනයට සූදානම්

විස්තීරණ ණය පහසුකම යටතේ 07 වැනි සමාලෝචනය, ඇගයීමට ලක්කිරීම දෙසැම්බර් (02) වැනිදා සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර ඇත.

විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදුකළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍යාධාරයක් ලබා ගැනීමේ ප්‍රවේශය හිමිවේ.

ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රියාත්මක ඩොලර් බිලියන 2.9ක ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින අතරවාරයේ මෙම සමාලෝචනය පැවැත්වීමට නියමිතව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel