LIVE
අද (03) දින පස්වරුවේ ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වේ.
තමන් යුද්ධයකට වඩා ගිවිසුමකට කැමැත්තක් දක්වන බවත් ප්‍රහාර හේතුවෙන් සිදුවන විශාල මිනිස් ජීවිත හානි වැළැක්වීම තම අරමුණ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
