පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇති අතර “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බවද නාසා ආයතනය සදහන් කරයි.
නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර ග්‍රහලෝකයක් බව හඳුනාගෙන ඇති බවද නාසා ආයතනය සදහන් කරයි.
මෙම ග්‍රහලෝකයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ එහි විශාලත්වයද පෘථිවියට සමාන වීම සහ පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බවද නාසා ආයතනය තවදුරටත් සදහන් කරයි.