රටේ ජනතාවට දැනුම්දීමක්.. ඉදිරියටත් භූ කම්පන.!

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මේ සම්බන්ධයෙන් සදහන් කළේ,

“ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන 4ම මේ භූකම්පනය වාර්තා වුණත් අප වෙත කිසිදු ආකාරයක පැමිණිල්ලක් මහජනතාව විසින් කළේ නෑ. මේ භූකම්පන අධ්‍යනය කිරීමේ දී අපට සඳහන් කරන්න පුළුවන් කාරය තමයි ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර මායිම ඔස්සේ රික්ටර් මාපංක 4 – 5 භූකම්පන රැසක් සිදුවුණා.

ඒ භූකම්පනවලදී නිකුත් වු ශක්තියෙහි යම් නිදහස් වීමක් ලංකාව හරහා සිදුවුවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවදානය යොමුකරලා තියෙනවා. යම් හානියක් සිදුවෙයි කියලා අනියත බියක් ඇති කරගත යුතු නෑ.”

මෙම භූ චලන සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න සදහන් කළේ,

“මෙච්චර කාලයකට සිදුවුණ කම්පනවල රික්ටර් පරිමාණය බැලුවොත් 4ට වඩා අඩු කම්පන තමා පහුගිය අවුරුදු 30 – 40 සිදුවෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශාල කම්පන බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් 2, 2.5, 3, 3.5 වගේ කම්පන ඉදිරියටත් සිද්ධවෙන්න පුළුවන්.”

තවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධිපති, මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ සදහන් කළේ,

“ශ්‍රී ලංකාවේ ජනතාව තේරුම්ගන්න අපේ පොළව ඉතාම වාසනාවන්ත පීහිටීමක තියෙන්නේ.  අපි ගොඩක් දුරයි භූතැටි මායිම්වලට. ඒ නිසා භූමිකම්පා ඇතිවෙන්නේ නැහැ ලංකා ගොඩබිමේ. ඉතින් ඒ හින්දා ලංකිකයින් අනිසි බියක් ඇතිකරගන්න එපා. පොළෙව හෙළවුණාට අපිට විනාශකාරී කිසිම දෙයක් කේන්ද්‍රයක් ඇතිවන තත්ත්වයක් ඇත්තේ නැහැ.” 

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close