ජනාධිපතිවරණය කොට උඩ.. පොහොට්ටුව ඇතුලේ අර්බුදයක්.!

ඉදිරි මැතිවරණයන්ට අදාළව පොදුජන පෙරමුණ පක්ෂයේ ස්ථාවරය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කර ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී ඇති අතර එහිදී ජනාධිපතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත.

එහෙත් එළඹෙන මැතිවරණය පිළිබඳව දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදීත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.

මේ අතර පොදුජන පෙරමුණ පක්ෂයේ මැති ඇමතිවරුන් අතර එළඹෙන ජනාධිපතිරණය සම්බන්ධයෙන් මත දෙකක් පැවතීම හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close