මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මරණ 1000ක් ප්‍රංශයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් මියයාම ඉහළ ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතනය සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගෙන් සියයට 85ක්ම වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩි වයස්වල පසුවන්නන් බවත් ඇතැම් ප්‍රදේශ වල සෙල්සියස් අංශක 40ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වන බවද සඳහන් කරයි.
