Advertisements
Advertisements

හෝමූස් වසා දැමීමත් සමග බොරතෙල් මිල තවත් ඉහළට

LIVE

ඉරානය විසින් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ බොරතෙල් බැරලයක මිල ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව අද (11) දින බ්‍රෙන්ට් තෙල් මිල 2.47% කින් (ඩොලර් 2.30 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40 ක් ලෙස සටහන්ව ඇත.

තවද අමෙරිකානු WTI තෙල් මිල 2.89% කින් (ඩොලර් 2.60 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest