LIVE
ඉරානය සහ අමෙරිකාව අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගිවිසුම මඟින් උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීමටත් ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් ප්‍රතිපාදන සැලසේ.
මෙම නව ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
