ඉරානය සහ අමෙරිකාව තීරණාත්මක යුද්ධයකට එළැඹ ඇති බැවින් සාම ගිවිසුමේ කොන්දේසි වලට අනුකූල වීමට දැන් කිසිඳු හේතුවක් නොමැති බව ඉරාන කතානායක මොහොමඩ් ගලිබාෆ් සඳහන් කරයි.
අමෙරිකාව විසින් ඉරානය වෙත අඛණ්ඩ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැන් අවබෝධතා ගිවිසුම අවලංගු වී ඇති බවද ඉරාන කතානායක මොහොමඩ් ගලිබාෆ් සඳහන් කරයි.
අමෙරිකාව කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඉරානයද අවබෝධතා ගිවිසුම යටතේ වූ බැඳීම් අතහැර දැමූ බවත් ඉරානයේ බැඳීම් බලාත්මකව පවතින්නේ අමෙරිකාව ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන තාක් පමණක් බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායිද සඳහන් කරයි.
අමෙරිකාව සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ඉරානයට කිසිදු සැලැසුමක් නොමැති බවත් සිය අවධානය යොමුවන්නේ රට ආරක්ෂා කිරීම කෙරෙහි පමණක් බවද ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායිද සඳහන් කරයි.
