ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල, ඩ්‍රෝන යානා ගබඩා වලට සහ ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙතද ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ‘Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවත් ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවයි.
තවද ඉදිරියේදී සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් මීට පෙර තමන් විසින් ඉතා සාර්ථකව ආරම්භ කළ මිලිටරි ක්‍රියමාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සිදුවනු ඇති බවත් එසේ වන්නේ නම් ඉරාන ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම නැතිවී යනු ඇති බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.
