Advertisements
Advertisements

ඉරානයෙන් නැවතත් ප්‍රහාර.. කුවේටයේ සියලු ගුවන් ගමන් නවතී

LIVE

ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර සියල්ල තාවකාලිකව නතර කර ඇත.

ගුවන් කටයුතු නවතා දැමීම හේතුවෙන් කුවේට් නිල ගුවන් සේවය වන කුවේට් එයාවේස් මඟින් ඔවුන්ගේ ගුවන් ගමන් වෙනත් වේලාවන් වෙත වෙනස් කර ඇත.

එනිසා ගුවන් මගීන්ට තම ගුවන් ගමන්වල නවතම තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ගුවන් සමාගම දැනුම්දීමක් කර ඇත.

මේ අතර කුවේට් ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදු සංකීර්ණයකට නැවතත් ඉරාන ප්‍රහාර එල්ල වූ බව කුවේට් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest