නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට යාමේදී බෝම්බ වලට හසුවී පුපුරා ගිය බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.
එහිදී එක් නෞකාවක් ඕමානයේ කුම්සාර් ගම්මානයට කිලෝ මීටර් 15ක් වයඹ දෙසින් යාත්‍රා කර තිබියදී ප්‍රහාරයට ලක්වු බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.
එම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ඇතිවූ ගින්න නිවීමට නොහැකි වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වු ඕමාන බලධාරීන් නැවේ කාර්ය මණ්ඩලය මුදාගැනීමට කටයුතු කර ඇත.
මේ අතර කර්ග් දූපත ආක්‍රමණය කිරීමට පැමිණෙන අමෙරිකානු හමුදා භටයන් පිළිගැනීමට පිරිසක් බලා සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

