හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා දින 30ක කාලසීමාවක් අවශ්‍ය බව ඉරාන සාම සාකච්ඡා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන නියෝජිත මජිඩ් ෂකේරි සඳහන් කරයි.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන ‘Fars’ පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඉරාන නියෝජිත මජිඩ් ෂකේරි මේ බව සඳහන් කරයි.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා වලින් සාගර සහ පාරිසරික සේවා ගාස්තු අය කිරීමේ යෝජනාවක් පිළිබඳව මේ වනවිට සමාලෝචනය වෙමින් පවතින බව ඉරාන පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශීනා අන්සාරි පවසා ඇත.
ඉරානයේ ‘තස්නිම්’ පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශීනා අන්සාරි මේ බව සඳහන් කළාය.
මෙය හුදෙක් මුදල් එකතු කිරීමක් පමණක් නොවන අතර නාවික මාර්ගෝපදේශනය, සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, නැව්වල ආරක්ෂාව තහවුරු කිරීම සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සපයන සේවාවන් සඳහා අය කරන්නක් බවද ඇය සඳහන් කළාය.
