ඉරානය සහ අමෙරිකාව අතර සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම අවසන් අදියරට පැමිණ ඇති බැවින් එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.
ඉරානයට එරෙහිව පනවා ඇති අමෙරිකානු අවහිර කිරීම් ඉවත් කිරීම මෙම ගිවිසුමට ඇතුළත් වන අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවද විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.
රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ බව සඳහන් කරයි.
එහෙත්, ගිවිසුමේ ඇතැම් කරුණු අමෙරිකානු නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර ඉරානයට ලබාදෙන ආර්ථික සහන එරට ගිවිසුම්ගත බැඳීම් ඉටුකිරීම මත රඳා පවතින බවද ඔවුන් පෙන්වා දී ඇත.
