අමෙරිකානු යුධ ගුවන් යානා නිවහනට ඉරානයෙන් සැල්වෝ මිසයිල ප්‍රහාරයක්

ඉරානය යළිත් වරක් සෞදි අරාබියේ රියාද් අගනුවර අසල පිහිටි ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුරට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

රියාද් සහ නැගෙනහිර පළාත් කලාප වලට එල්ලවූ මෙම ප්‍රහාරයේදී ඩ්‍රෝන යානා 10ක් පමණ ව්‍යාර්ථ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

අමෙරිකානු යුධ ගුවන් යානා ගණනාවකට නිවහන ලෙස ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුර සැලකෙන අතර කඳවුරට එල්ල කළේ ‘සැල්වෝ’ මිසයිල ප්‍රහාරයක් බව ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest