Advertisements

ඉරාන නෞකා 3ක් විනාශ කළ අමෙරිකානු ප්‍රහාර

LIVE

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අමෙරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) ප්‍රතිප්‍රහාර දියත් කර ඇත.

ඒ අනුව ඉරාන නෞකා තුනක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම විධානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් තහවුරු කරයි.

කෙසේ වෙතත් අනවසරයෙන් ගමන් කළ තවත් නෞකා කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කරයි.

ඉරානයේ කාර්ග් දූපතට සහ තෙල් නෞකා වෙත එල්ල විය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන බලධාරීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මතුව ඇත.

0 Comments
Most Voted
Newest Oldest