හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා වන නව එකඟතාවයක් පිළිබඳ සාකච්ඡා සාර්ථක මෙන්ම ඉතා දියුණු මට්ටමක පවතින බව ඉරානය සහ ඕමානය ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාවල ප්‍රධාන වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යා හැකි නව මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වුවද එම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට පෙර අමෙරිකාව විසින් ඉටු කළ යුතු කොන්දේසි මාලාවක් ඉරානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
අමෙරිකාව තම හැසිරීම් නිවැරදි කරගත යුතු බවත් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාව ඉටු කළ යුතු බව ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු ලේකම් සහ වත්මන් උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් බගර් සොල්ගාදර් සඳහන් කරයි.
එම කොන්දේසි මාලාව පහතින්..
1.කිසිදු අයුරකින් හෝ භාෂාවකින් ඉරානයට තර්ජනය නොකරන්න, එමෙන්ම මෙම ජාතියේ පූජනීය වස්තූන්ට හෝ අභිමානයට අපහාස නොකිරීම.
2.ඉරානයට සහ ලෙබනනය, පලස්තීනය, යේමනය මෙන්ම ඉරාකය යන රටවල සිටින ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සිදු කරන යුද්ධ සහ ආක්‍රමණ සදහටම නතර කිරීම.
3.නාවික අවහිරතා ඉවත් කර, ඉරානය අවට ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික සහ ගුවන් සන්නද්ධ බලකායන් වහාම ඉවත් කිරීම.
4.ආක්‍රමණශීලී යුද්ධ දෙකක් හේතුවෙන් ඉරානයට සිදු වූ සියලුම හානි සඳහා සම්පූර්ණ වන්දි මුදල් ගෙවන්න.
5.ඉරාන ජනතාවට එරෙහිව පනවා ඇති ‘කුරිරු සහ නීතිවිරෝධී’ ආර්ථික සම්බාධක වහාම ඉවත් කිරීම.
6.තහනම් කර ඇති සහ සොරකම් කර ඇති ඉරාන ජනතාවට අයත් සියලුම වත්කම් කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

