Advertisements

රටවල් තුනක අමෙරිකානු කඳවුරු වලට ඉරානයෙන් ප්‍රහාර

බහරේන්, ජෝර්දානය සහ සිරියාවේ අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය සඳහන් කරයි.

තම රට අමෙරිකාව සමඟ “මහා පරිමාණ යුද්ධයක” සිටින බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් සඳහන් කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට යාමේදී නෞකා දෙකක් බෝම්බ වලට හසුවී පුපුරා ගිය බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

බහරේනයේ අල්-සකීර් ගුවන්තොටුපළේ අමෙරිකානු “ඩ්‍රෝන නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ කඳවුරු” වලට පහර දුන් බවද විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

තවද බහරේනයේ සල්මන් වරායේ අමෙරිකානු නාවික කාර්ය සාධක බලකායේ 59 යාත්‍රා සූදානම් කිරීමේ කඳවුරු වලටද පහර දුන් බව විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest