අමෙරිකානු සහ නයිජීරියානු හමුදා විසින් ISIS සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
අබු-බිලාල් අල්-මිනුකි අප්‍රිකාවේ සැඟවී සිටින බවට ලැබුණු රහසිගත තොරතුරු අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
එනිසා අබු-බිලාල් අල්-මිනුකි තවදුරටත් අප්‍රිකානු වැසියන්ට හෝ අමෙරිකානුවන්ට තර්ජනයක් නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
