ඊශ්‍රායලය නැවතත් හිස්බුල්ලා වෙත ප්‍රහාර එල්ල කරයි

සටන් විරාමයෙන් අනතුරුව හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ලෙබනනයේ බේරූට් වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානයේ මූලස්ථානයක් වන බේරූට් නගරයේ දහියෙහ් (Dahieh) ප්‍රදේශය වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් විශාල ගින්නක් හටගෙන ඇත.

හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බළකායේ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරය තමන් පෞද්ගලිකව අනුමත කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest