ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන ජනපති රනිල්-ජපන් අගමැති සාකච්ඡා.!

ජනපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ජපානයේ නිල සංචාරයකට එක් වී ඇත.රනිල් වික්‍රමසිංහ මහතා සහ  ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා අතර නිල හමුවක් ඊයේ  (25) ටෝකියෝ නුවරදී සිදුවූ අතර ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතිය අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඉතාමත් අනුවණ ක්‍රියාවකි.කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) ක දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ජපන් තාක්ෂණය භාවිත කරමින් ඉදිකිරීමට පසුගිය රජය යටතේ අත්සන් කරන ලද මෙම ව්‍යාපෘතිය විශාලතම විදේශ අරමුදල් යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය කි. දැඩි රථවාහන තදබදයක් ඇති කොළඹ නගරය තුළ මෙම ව්‍යාපෘතිය මගින් පහසුවෙන් එහා මෙහා යාමට ජනතාවට හැකිවුණු ඇත.

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ඇති විශාලම වාසිය නම් මෙම ණය මුදල සියයට 0.1 ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12 ක සහන කාලයක් සමඟින් වසර 40 ක කාලයකින් ආපසු ගෙවිය යුතු වීමයි.

ජනපති රනිල් – ජපන් අගමැති හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බවයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව තම රජය ඉදිරියේ දී නැවත සලකා බැලීමට බලාපොරොත්තු වෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා පැවසීය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close