හෘද කැතීටකරණ යන්ත්‍රය අක්‍රිය වේ..හෘද රෝගීන් මරණය අබියස.!

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, ඒ සඳහා ස්ටෙන්ට් ප්‍රතිකර්ම සිදුකිරීම, හෘදයේ සිදුරු හඳුනාගැනීම හා ප්‍රතිකර්ම කිරීම ඇතුළු රෝග විනිශ්චය හා ප්‍රතිකර්ම රැසක් සඳහා භාවිතා කරන මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එකක් සම්පූර්ණයෙන් බිඳ වැටී ඇත.

ශ්‍රී ලංකා රජය බිලියන ගණනින් මුදල් අවභාවිතා කරන ආකාරය පසුගිය සමයේ පැහැදිලිව දැක ගත හැකිව තිබුණි.හෘද රෝගීන් සදහා අත්‍යවශ්‍ය වන මෙම එක් යන්ත්‍රයක් හෝ මහනුවර ජාතික රෝහලට ලබාදීමට රජයට නොහැකි වේද?

මේ අතර දිවයින පුරා රෝහල් කිහිපයක විකිරණ ප්‍රතිකාර ඒකක, රසායනාගාර පරීක්ෂණ, වකුගඩු ක්‍රියාකාරී ඒකක අඩපණ වී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධවල විශාල හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close