ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු.. අවදානයෙන් සිටින්න.!

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

තවද මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගගනහිර පළාත් සඳහා හෙට පෙරවරුව වන තෙක් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තද වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS