ලිට්‍රෝ හිටපු සභාපති ලක්ෂ ගණනින් ගහපු ගැහිල්ල හෙළිවෙයි.!

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ හිටපු සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලිට්‍රෝ ගෑස් සමාගමේ ලබාගත් දීමනාවට අමතරව මාසික වාහන දීමනාවක් ලෙස රුපියල් 443,000ක මුදලක් ලබාගෙන ඇති බව විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.

චක්‍රලේඛය මඟින් මේ සදහා අවසර ලබාදී ඇත්තේ රුපියල් 50,000ක මුදලක් පමණක් බවත් ඒ චක්‍රලේඛයට අනුව ලීටර් 150 ඉක්මවා මාසිකව ලීටර් 500ක ඉන්ධන දීමනාවක් හිටපු සභාපතිවරයා වෙත ලබාදී ඇති බවද විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.

පසුගිය 2022 වසරේ මැයි මාසය දක්වා රුපියල් 50,000ක මාසික රියදුරු දීමනාවක් හා රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් හිටපු සභාපතිවරයා වෙත ගෙවා ඇති බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close