මෛත්‍රීගේ හෙළිදරව්වෙන් පසු සිදුවීමට යන දේ.!

මහනුවරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකල ප්‍රකාශය සම්බන්ධව ප්‍රශ්න කිරීම සදහා අද (25) පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පස්වරු 3.40ට පමණ එම දෙපාර්තමේතුවෙන් පිටව ගියේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දුන් ප්‍රකාශය පිළිබඳ තවදුරටත් විමර්ශනය කර නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS