“කපුටා වැඩ ටික හරියට කරන්න දෙන්නේ නෑ.. කකුලෙන් අදිනවා.”

රටේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය නැවත ඇති කළ යුතු බවත් මෙතෙක් පත්වූ කිසිම ජනාධිපතිවරයෙක් මේ සම්බන්ධයෙන් කතා කළේ නැති බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සඳහන් කරයි.

රට ආර්ථික අර්බුදය හේතුවෙන් වැටිලා අන්ත අසරණ වුන වෙලාවේ කිසිම කෙනෙක් රට බාරගන්න ඉදිරිපත් වුයේ නැති බවත් පරිණත දේශපාලඥයෙක් වු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් වු බවද මර්වින් සිල්වා සඳහන් කරයි.

එහෙත් මේ වනවිට කපුටෙක් ජනාධිපතිතුමාට කොටන්න පටන් අරගෙන ඇති බවත් ජනාධිපතිවරයාට රට ගොඩ ගැනීම සදහා ගෙනයන වැඩපිළිවෙලට බාධා කරන බවද මර්වින් සිල්වා සඳහන් කරයි.

රටේ සියලුම පක්ෂවල හොරකම දූෂණයවංචාව ඉහවහා ගිහින් ඇති බවත් එම පක්ෂවල සිටින්නේ වරෙන්තුකාරයෝ බවත් රට කරවන සමහර අයගේ අපේ කම නැති බවද කැළණියේ පැවති ජන හමුවක් අමතමින් මර්වින් සිල්වා මේ බව සඳහන් කරයි.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා තවදුරටත් සදහන් කළේ,

“මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු ගමන් ඔහුගේ පවුලට සල්ලි හම්බකරන්න, හොරකම් කරන්න, පගා ගහන්න මාර්ග විවෘත කළා. ඒකටම හරියන කෙනෙක් ඒ පවුලේ හිටියා. බැසිල් රාජපක්ෂ කියන පට්ට පල් හොරා. දාපං නඩු. මම එනවා උසාවි. අපි එකට බෙලිඅත්තේ හිටියේ. අපේ ගෙල්වල හිටියේ. ගෝඨාභය රාපක්ෂට ගැටමාන්නේදී ගහද්දී හුරේ රන් දිව්වා. ගහපු අයට ගැහුවේ අපි.. බියගුල්ලෝ.

බය නැති නිර්භීතකමක් තිබුණානම් ජනාධිපතිකම දාලා පැනලා යන්නේ නෑ නේ. දිට්ඨධම්මවේදනීය කර්මය වෙන්නේ ගෝඨාභයට අද යන්න තැනක් නෑ. මේ හැමෝම මහජන දේපල සූරාකෑවා. මේ අය තමයි ඊළග ආත්මේ කපුටෝ බල්ලෝ බලල්ලුවෙලා උපදින්නේ. දැන් මෛත්‍රීපාල යාපනයට ගිහින් ප්‍රභාකරන් මැරුණාද අහනවා. මට මතක නෑලු. දන්නේ නෑලු. මෛත්‍රීපාලගේ තාත්තා ගෙදර නැති වෙලාවේ ගෙදරට යාපනේ සුරුට්ටු විකුණන කෙනෙක් ගෙදරට ආවද දන්නේ නෑ..

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් මිත්‍රයින්ට කියන්නේ වද පීදුන ගස්වල ගෙඩි පීදෙන්නේ නෑ කියලා. ඔතැනින් අයින් වෙලා එන්න. හැම පක්ෂයකම වැදගත්, වැඩකරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා. ජනාධිපතිතුමාට බැසිල් කියන කපුටා වැඩ ටික හරියට කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා. උගුල් අදිනවා. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, දැන් බලන් හිටියා ඇති. අපිට පුලුවන් දේශීය ලාභ ලබන ආයතන තුට්ටු දෙකට විකුණන්නේ නැතිව මේ රට ගොඩ ගන්න. ඒකට පොදු මහජනතාව දක්වා සියලුදෙනාම කැපවීමෙන් වැඩ කරන්න ඕන. මේ රටේ තිබෙන නිවාඩු අහෝසි කර වැඩ බිමක් බවට පත් කරන්න ඕන.”

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS