සාම්ප්‍රදායික ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ සිට ප්‍රංශයට පැමිණෙන අතරවාරයේ, සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා පුද්ගලයන් 10,000ක් සම්බන්ධ කරගනිමින් පන්දම රැගෙන යාමට අවස්ථාව සලසා දී ඇති අතර පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙක් වන තර්ෂන් සෙල්වරාජා එම ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට වාසනාවන්ත වී තිබේ.
පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත් ව්‍යාපාරිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර ඔහු 2023 දී හොඳම පැරිසියානු බෑගට් (baguette) යන කීර්තිමත් නාමය ද හිමි කර ගෙන ඇති පුද්ගලයෙකු බව වාර්තා වේ.