ලංකාවේ රුපියල ඉන්දියාවේ භාවිතයට සුදානම්.!

ඉන්දීය සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැදගත් කරුණු රැසක් සම්බන්ධව එකඟතාවකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

බලශක්තිය හා විදුලි සම්බන්ධතාව ඇති කර ගැනීම, ගොඩබිමින් ඉන්දියාව සමඟ මාර්ගයක් ඇති කර ගැනීම සහ මුදල් සම්බන්ධතාවය පවත්වාගැනීම වැනි මූලික එකඟතාවයන්ට පැමිණි බවද පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

ලංකාවේ රුපියල් ඉන්දියාවේ පිළිගැනීමට හා ඉන්දීය රුපියල ලංකාවේ පිළිගැනීමටත් ජනාධිපතිවරයා එකඟතාවයන්ට පැමිණි බවත් ඉන්දියාවද එහි අවසන් එකඟතාවන්ට පැමිණි පසු පාර්ලිමේන්තුවට යොමුකරන බවද පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ බව සඳහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS