ධවල මන්දිරය යනු එක් ජනාධිපතිවරයෙකුගේ දේපලක් නොවන බවත් වත්මන් මෙන්ම අනාගත ජනාධිපතිවරු සහ මහජනයා සතු පොදු දේපලක් බව අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය අවධාරණය කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය විසින් අමෙරිකාවේ ධවල මන්දිරයේ බටහිර කොටසේ ඉදිකරමින් තිබු උත්සව ශාලාවේ ඉදිකිරීම් නවතා දමන ලෙසට නියෝග කරමින් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය මෙය අවධාරණය කර ඇත.
අමෙරිකාවේ ධවල මන්දිරයේ බටහිර කොටසේ ඩොලර් මිලියන 400ක වියදමකින් ඉදිකිරීමට සැලසුම් කර තිබු උත්සව ශාලාවේ ඉදිකිරීම් නවතා දමන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කළේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දෙකට එක ලෙසද, බහුතර කැමැත්තෙන් මෙම තීන්දුව ලබාදී ඇති අතර එහිදී විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත්තේ, කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට මෙවැනි ඉදිකිරීම් සිදුකර නොහැකි බවයි.
