Advertisements

බන්ධනාගාර ගැටුමේදී සිදුකළ වෙඩි තැබීමේ ඇත්ත කතාව

ඊයේ (06) දින මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීම ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර පැහැදිළි කිරීමක් සිදු කරයි.

අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර සඳහන් කළේ,

බන්ධනාගාර පරිශ්‍රය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා ඉස්සෙල්ලාම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ තමයි තියෙන්නේ ලෑලි දොර මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තිබෙන්නේ ලෑලි දොර දෙසට. මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තිබෙන්නේ වටිනා උපකරණ.

මේ රැඳවියන් යකඩ දොර කඩාගෙන මේ ලෑලි දොරත් කඩාගෙන එළියට ආවානම් වෙන විනාශය මට තක්සේරුවක් දෙන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ බන්ධනාගාර නිලධාරීන් මේ විදිහට කටයුතු කළේ නැත්නම් තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේක තක්සේරු කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. බන්ධනාගාර නිලධාරීන් ඒ විදිහට කටයුතු කළේ නැත්නම් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. 

සිදුවීම් ඔක්කොම වෙලා ඉවර වෙලා තිබුණ සිදුවීමක් මේක යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවරයි. ඒ වෙනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇතුළේ රැඳවියන් අතර හිරවෙලා, ඔවුන්ට පහර දෙනවා.

ඔවුන් ඒ පරිශ්‍රයට ප්‍රවේශ වුණේ අර රැඳවියන් අතර තියෙන ඝට්ටනය වළක්වලා ඔවුන් බේර ගන්න. ඒ නිලධාරිනුත් ඇතුළේ කොටුවෙලා. රැඳවියෝ ඒ වෙලාවේ තමයි යකඩ දොර කඩාගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න තමයි නිලධාරීන් ඒ ලෑලි දොරින් වෙඩි තැබීම කළේ.”

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest