Advertisements

පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් තනතුරට මතීෂා පත් කරයි

LIVE

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනියක වන යූ.එල්. මතීෂා ජිනන්ජලී ජයතිලක වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද අදාළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙස ඇය මීට පෙර සේවය කරමින් සිටි අතර පරිවාස කොමසාරිස් තනතුරේ රාජකාරි කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ඇය සතු සුදුසුකම් සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest