ජනපති රනිල් අනතුරු අඟවයි.!

අද (23) දින කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

එහිදී එම උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, රටේ පාසල් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

එහෙත් එය එසේ නිරාකරණය නොවුණහොත් රටේ පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ පාසල් සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරනු ලැබුවෙිය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close