ජීවිතේට එකට වාඩිවී දේශපාලනය නොකරපු මිනිස්සූ එක කඳවුරකට එකතු වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,
“බලන්නකෝ ජීවිතේට අපි එකට වාඩිවෙලා හිටිය මිනිස්සුද. ඉස්සර යූන්පී කාරයයි, ශ්‍රීලංකා කාරයයි හම්බුනාට පස්සේ හරියට නයයි මුගටියයි හම්බුනා වගේ.
දැන් බලන්නකෝ රාජිත ඇමතිතුමයි, නිමල් සිරිපාල ඇමතිතුමයි කුටු කුටු ගගා ඉන්නවා. කොච්චර ලස්සනද. සාගල රත්නායක ඇමතිතුමා මේ පැත්තේ ඉන්නවා.
අපි ඔක්කොම එක කඳවුරක එකට හිටියේ. අපේ මේ එක පක්ෂයකවත් වෛරය තිබුණේ නෑ. අපි කල්පනා කරන්න ඕන එක කඳවුරක ඉදගෙන කොහොමද මර්දනකාරී ආණ්ඩුවට මුහුණ දෙන්නේ කියලා.”
හොරුත් බොරුත් එක මිටකට පරදවමු යන රැස්වීමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කරයි.
