මැදපෙරදිග යුද ගැටුම් පවතින අවස්තාවක අමෙරිකාව සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
අදාළ ගිවිසුම මඟින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විශාල ප්‍රවේශයක් හිමිවනු ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ගිවිසුම මඟින් සෞදි අරාබියාවට ඉදිරියේදී යුරේනියම්, ඉන්ධන ලෙස මෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිපදවිම සඳහා භාවිත කළ හැකිය.
මෙම ගිවිසුම මඟින් බලශක්ති ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධන වී ඇති බව සෞදි ආරාබියානු රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් ලෙස නම් කර ඇති මෙම ගිවිසුමට සමගාමීව ද්වීපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.

