පාසල් දරුවන්ගේ දෙමාපියන්ට විශේෂ නිවේදනයක්.!

රටේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අනුව කටයුතු කිරීම ගැන එළඹෙන (21) වනදාට පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සදහන් වේ.

ජාතික පාසල්වල 2 වසරේ සිට 4 වසර හා 7 වසරේ සිට 10 වසර යන අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමේදී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස (21) දිනෙන් පසුව දැනුම්වත් කරන බව අමාත්‍යංශය සදහන් කරයි.

දැනුවත් කරන තෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බවද එම නිවේදනයේ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close