මෛත්‍රී කණ්ඩායමේ රහසිගත සැලැස්මක් පිළිබඳ තොරතුරු.!

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් වාරණය කිරීමෙන් පසු එහි සම්පූර්ණ බලය වත්මන් වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ කණ්ඩායමට මේ වනවිට හිමිව ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වේ නම්, ඔහුට සහාය දීමට එම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇති බව වාර්තා වේ.

එවන් පසුබිමක නිදහස් පක්ෂ සභාපතිත්වය ප්‍රථමයෙන්ම වාරණයට ලක්වූ මෛත්‍රී කණ්ඩායම විසින් ඉදිරි සක්‍රීය දේශපාලන කටයුතු වල නිරතවීම සඳහා වන බාධා මඟහරවා ගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මිලට ගැනීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS