තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට ජූනි (16) වනදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇත.
එම නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ දුරකථන විනාශ කර නීතිය යටතේ දඬුවම් ලබාදෙන බව තලේබාන් පාලනය සඳහන් කරයි.
රාජකාරී කටයුතු ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදුකළ බැවින් මෙම තහනම හේතුවෙන් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස අඩාල වී ඇති බව එරට රජයේ නිලධාරීන් සඳහන් කරයි.
