ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෝපන්හේගන් හි වයඹ දෙසින් පිහිටි දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරට හේතු මේ දක්වා අනාවරණ වී නොමැති බව කෝපන්හේගන් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ගුවන් මගින් සහ ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

