LIVE
ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව මෙහෙයුමක් දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව ඕනෑම රටකට එරෙහිව මෙතෙක් දියත්කර ඇති “විනාශකාරීම ආර්ථික මෙහෙයුම” තමන් ඉරානයට එරෙහිව ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
ඉරානය ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීමේ අරමුණින් මෙම නව මෙහෙයුම දියත් කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
අද (20) අලුයම ටෘත් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.
එකඟතාවයකට පැමිණීමට තමන් ඉරානයට ඕනෑ තරම් අවස්ථා ලබාදුන්නද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ඉරානය අපොහොසත් වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඉරාන නාවික සහ ගුවන් හමුදා සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවත් ඉරාන මුදල් ඒකකයද දැන් බිඳ වැටී ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.
