මේ වනවිට කැනඩාව පුරා ව්‍යාප්තවන ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත දුමාරයෙන් වැසි යාම පදනම් කරගනිමින් කැනඩාවට පනවා ඇති බදු ප්‍රතිශත තවදුරටත් ඉහළ දමන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කැනඩාව විසින් ලැව් ගිනි තත්ත්වය හිතාමාතා නොසලකා හැර ඇති බවත් ඒ හේතුවෙන් කැනඩාවට පනවා ඇති වෙළෙඳ බදු තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
කෙසේ වෙතත්, අමෙරිකාවෙන් එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩග් ෆෝර්ඩ් සඳහන් කළේ, මැසිවිලි නගනවා වෙනුවට කළ යුත්තේ ලැව්ගිනි පාලනය සඳහා සහයෝගය ලබාදීම බවයි.

