22 හැවිරිදි සරසවි සිසුවිය අභිරහස් ලෙස මරුට.!

22 හැවිරිදි සරසවි සිසුවියකගේ මළසිරුරක් නවාතැන් ගෙන සිටි නවාතැන්පොලේ කාමරයක් තුළ තිබී (03) දින පස්වරුවේ යාපනය පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය සිසුවිය යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද සිසුවියක් බවත් ඇය මන්නාරම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරිනියක් බවද සදහන් කරයි.

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීම හේතුවෙන් එම තරුණිය සියදිවි නසාගෙන ඇති බවට ආරංචියක් පැතිර යන බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම සැකසහිත මරණය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සිසුවියගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close